1980 වසරේ යුද හමුදාවට බැඳුනු මේජර් ජෙනරාල් සලේ ඉන්දියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් මූලික හමුදා පුහුණුව ලැබ ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායට අනුයුක්ත වූවේය. විවිධ තනතුරු රැසක් හෙබ වූ හෙතෙම මින්නේරියේ 3 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකාය පිහිටුවීමට පුරෝගාමී වූවේය.
තවද යුධෝපකරණ සේවා අධ්‍යක්ෂ, ගමන් පාලන අධ්‍යක්ෂ, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී සහ උපකරණ පාලක ජෙනරාල් ලෙස ද කටයුතු කොට ඇත. මේ වන ඔහු යුධෝපකරණ බලකායේ සේනාවිධායක ලෙස ද කටයුතු කරයි.
ත්‍රස්තවාදයට එරෙහි සටනේ යෙදී සිටිය දී මූහමලේ ප්‍රදේශයේ දී දේශය වෙනුවෙන් දිවි පිදූ ගැමුණු හේවා බලකායේ නිලධාරියෙකු වන මේජර් එම්.ඩී.ආර් සලේ ඔහුගේ බාල සොහොයුරා වේ.
No comments:
Post a Comment