අද සමාජයේ විවිධ ප්‍රධාන තනතුරුවල මැලේවරුන් සිටිනවා. ලාංකීය සමාජයට ඔවුන් විශාල බලපෑමක් සිදු කරනවා. වත්මන් යුගයේ මැලේවරුන්ගේ භූමිකාව පිළිබඳ සාකච්ඡා කිරීම මම ආරම්භ කළේ ටී. බී. ජයා ගෙන්. ලංකාවට නිදහස ලබා ගැනීමට මුල් වූ ජාතික වීරයින් අතරින් එක් අයෙක් තමයි, ඔහු. ඔහු ලංකාවේ ජාතික කොඩිය නිර්මාණය කිරීමේ කමිටුවෙත් සාමාජිකත්වය දැරුවා. ලංකාවේ දේශපාලනඥයින් අතර ඉතාම උසස් ස්ථානයක් ටී. බී. ජයාට හිමි වෙනවා. තමන් ලංකාවට නිදහස ලබා ගැනීමේ සටනට දායක වන්නේ ලංකාවේ සිටින සමස්ත මුස්ලිම් ජාතියම වෙනුවෙන් බව එක් අවස්ථාවක ටී. බී. ජයා ප්‍රකාශ කර තිබෙනවා. එම ප්‍රකාශය එකල සිටි විද්වතුන් ඉතා අගය කළා. ලංකාවේ පොලිස් දිනය සැමරීම ආරම්භ වුණෙත් මැලේ ජාතිකයෙක් වෙනුවෙන්. ඒ; මම්මලේ නමැති පුද්ගලයා අතින් මියගිය සාබන් නමැති පොලිස් නිලධරයා සිහි කිරිම වෙනුවෙන්. අතිදක්ෂ මැලේ ජාතික රණවිරුවන් විශාල සංඛ්‍යාවක් අදත් අපේ ත්‍රිවිධ හමුදාවේ සේවය කරනවා.
පෙර රජ දවස යුද පිණිස පැමිණි මැලේ රජවරුන්ගෙන් ඇරැඹි ශ්‍රී ලාංකේය මැලේවරුන්ට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ඒත් බොහෝ දෙනෙක් මේ පිළිබඳ දන්නේ නැහැ. ඇතැමුන් සිතා සිටින්නේ මැලේ යනු මුස්ලිම් ජාතිකයන් බවයි. ඒත් දෙමල මුස්ලිම් ලෙස හඳුන්වන්නේ මුර්/යෝනකවරුයි(මරක්කල).

මැලේ ජාතිකයන්ට තරම් උසස් සංස්කෘතියක් ඔවුන්ට නැහැ. සමහරු මෙය පටලවාගෙන තිබෙනවා.
මැලේ ජාතිකයන් මේ රටේ ඉන්නේ හැත්තෑපන්දහසක් පමණ වූ සීමිත පිරිසක්. වැඩි පිරිසක් ඉන්නේ ඉස්ලාම් අදහන්නන්. ඒ නිසාම ඇතැම් අවස්ථාවල මැලේවරුන්ට අසාධාරණ සිදුවූ අවස්ථා බොහෝමයි. ඔවුන් මුර් වරුන්ට යටවෙලා. ඒත් මැලේවරු මුර් තරම් රළු ජාතියක් නොවෙයි. ඉතිහාසය දෙස හැරී බැලීමේදී අපට පෙනෙනවා මොන තරම් දීර්ඝ කාලීන හා සමීප සම්බන්ධතාවක් මැලේවරුන් හා අප සමඟ තිබුණද කියලා. දේශපාලනය, කලාව වැනි අංශ ගත්තාම ඔවුනගේ තිබූ සෘජු දායකත්වයට හොඳ සාක්ෂි තිබෙනවා. ලංකාවේ පළමු රණවිරුවා ලෙස සැළකෙන්නේ සබාන් නමැති මැලේ ජාතික පොලිස් නිලධාරියායි. ටී. බී. ජායා මහතා වැනි දේශපාලනඥයන් මෙන් ම ෆරිනා ලායි, හරුන් ලන්ත්‍රා, ජී. එස්. බී. රාණි, ටෝනි හසන්, වර්තමානයේ ගායිකා උමාරියා සිංහවංශා වැනි අය කලාවේ අපට දක්නට ලැබෙන උදාහරණ. තවත් බොහෝ කලාකරුවන්, දේශපාලනඥයන්, ක්‍රීඩා තරු, ආරක්ෂක නිලධාරීන් මැලේ ජාතිකයන් ලෙස අපේ රටට දායාද වෙලා තිබෙනවා.
අදටත් අපි කතා කරන සිංහල භාෂාව තුළ මොන තරම් මැලේ වචන තිබෙනවාද? අප ඒ වචන භාවිත කරනවා මිසක්, ඒ වචන මොනවාද කියලාවත් අඩු ගණනේ සොයා බැලුවාද?

No comments:
New comments are not allowed.