මැලේ සම්බෝල බත රසවත් කිරීමට යොදා ගන්නා කට ගැස්‌මක්‌ - SriLanka Malay- මැලේ හෙවත් ජාවා

Post Top Ad

Responsive Ads Here

මැලේ සම්බෝල බත රසවත් කිරීමට යොදා ගන්නා කට ගැස්‌මක්‌

Share This


ශ්‍රී ලංකාව තම නිජ භූමිය කර ගත් සිංහල ජාතිකයන් හා සෙසු ජාතින් සේම මැලේ ජාතිකයෝ ද තම ප්‍රධාන ආහාර වර්ගය ලෙස යොදා ගන්නේ බත් ය. ඒ හේතුවෙන් බත මේ රටේ සියලුම ජාතීන් හට පොදු ආහාර වර්ගයක්‌ වීම සුවිශේෂත්වයකි. එසේ බුදින බත ඉමහත් අභිරුචියකින් වැළ`දීමට හැකි වන සේ ඊට එක්‌ කර ගනු ලබන අතිරේක ආහාර වර්ග, විවිධ කු`ඵබඩු සහ සෙසු ආහාර ද්‍රව්‍යය ද යොදා ගනිමින් තමන් හට ආවේණික සූපවේදී ක්‍රම මගින් රසවත් කර ගැනීමට මැලේ ගෘහණියෝ හුරු පුරුදු වී සිටිති.

දැන් අපගේ අවධානය යොමු කරන්නේ මැලේ ගෘහණියෝ තම බත රසවත් කිරීමට යොදා ගන්නා කට ගැස්‌මක්‌ ලෙස හැ`දින්වීම වඩාත් උචිත යයි සිතන ආහාර මිශ්‍රණ හෙවත් සම්බෝල වර්ග කීපයක්‌ පිළිබ`දව ය. ඒවායේ විශේෂත්වය වන්නේ බත සම`ග වළ`දන සෙසු ආහාරවලට වඩා මෙකී සම්බෝලවල රසය තියුණු වීම යි. එම සම්බෝල සමග පමණක්‌ වුවද බත වැළ`දීමට හැකි ඉතා තියුණු රසයකින් ඒවා පිළියෙල කිරීමයි. අපට හුරු පුරුදු ආහාර ද්‍රව්‍යයන්ම යොදා ගන්නා නමුදු ඒවායින් සුවිශේෂී රසයක්‌ මතු කර ගැනීමට මැලේ ගෘහණියන් සමත්කම් දක්‌වන එකී වෑංජන දැන් විමසා බලමු.

වම්බටු සම්බෝලය (Brinjal Sambal)
මැලේ ගෘහණියන් අතින් පිළියෙළ වන ප්‍රමුඛ සම්බෝල විශේෂයකි. ඒ ස`දහා යොදා ගනු ලබන ද්‍රව්‍ය මෙසේය.

* සිහින් ලෙස පෙති ගැසූ වම්බටු ග්‍රෑම් 250 ක්‌

* වියළි හාල් මැස්‌සන් ග්‍රෑම් 100 ක්‌

* පෙති ගැසූ ලොකුළුණු ගෙඩි 01 ක්‌

* පෙති ගැසූ තක්‌කාලි ගෙඩි 01 ක්‌

* අ`ගල් 2 රම්පෙ කැබැලි 01 ක්‌

* කහ ස්‌වල්පයක්‌

* වියළි මිරිස්‌ කැබැලි තේ හැ`දි 01 ක්‌

* පෙති ගැසූ අච්චාරු දෙහි ගෙඩි භාගයක්‌

* පොඩි කර ගත් සුදු ළුEණු බික්‌ 01 ක්‌

* පෙති ගැසූ අමු මිරිස්‌ කරල් 01 ක්‌

* පෙති ගැසූ කැරට්‌ අල 01 ක්‌

* පෙති ගැසූ මාළු මිරිස්‌ ග්‍රෑම් 100 ක්‌

* කරපිංචා ස්‌වල්පයක්‌

* අබ ඇට තේ හැ`දි කාලක්‌

* මිරිස්‌ කුඩු මේස හැ`දි භාගයක්‌

* පොල් කිරි කෝප්ප කාලක්‌

* විනාකිරි තේ හැ`දි 01 ක්‌

* රස ගැන්වීම සදහා ලුණු ස්‌වල්පයක්‌

සාදා ගන්නා ක්‍රමය :
වම්බටු, මාළු මිරිස්‌ සහ හාල් මැස්‌සන් එක්‌ කොට ඒවා ගැඹුරු තෙලේ බැදගෙන පසෙකින් තබන්න. ලොකු ලූණු, කැරට්‌, අමු මිරිස්‌, රම්පෙ, කරපිංචා, තක්‌කාලි, අබ, සුදු ලූණු රන්වන් දුඹුරු පැහැ ගැන් වෙන තෙක්‌ බැද ගන්න. ඉන්පසු ඊට වියළි මිරිස්‌ කැබැලි, කහ සහ මිරිස්‌ කුඩු එකතු කර හො`දින් හැ`දි ගා ගන්න. දැන් මෙසේ බැද ගන්නා ලද මිශ්‍රණයට වම්බටු, මාළු මිරිස්‌ හා හාල් මැස්‌සන් මිශ්‍රණය එකතු කරන්න. අනතුරුව ඊට විනාකිරි එක්‌ කොට මිශ්‍රණයේ අඩංගු සියලු ද්‍රව්‍ය තව දුරටත් හො`දින් එකිනෙක හා මුසු වන සේ හැ`දි ගාන්න. පසුව ඊට අච්චාරු, දෙහි සහ පොල් කිරි එකතු කොට මද ගින්නේ පිසෙන්නට තබන්න. සාස්‌පානේ අග තෙල් බේරීගෙන එද්දී එය ලිපෙන් බා ලුණු ස්‌වල්පයක්‌ ද ඊට එක්‌කර ගන්න. මෙය බත රස කරන විචිත්‍ර ආහාර වර්ගයකි.

එඩ්වඩ් චන්ද්‍රසිරි

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here