ප්‍රථම වතාවට මැලේ ජාතිකයෙකු මේජර් ජෙනරාල් තනතුරට - SriLanka Malay- මැලේ හෙවත් ජාවා

Post Top Ad

Responsive Ads Here

ප්‍රථම වතාවට මැලේ ජාතිකයෙකු මේජර් ජෙනරාල් තනතුරට

Share This

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තවත් යුද හමුදා බ්‍රිගේඩියර්වරු සිවු දෙනෙක් මේජර් ජෙනරාල් නිලයට උසස් කරනු ලැබීය. මෙම උසස් කිරීම අතර ප්‍රථම වතාවට මැලේ ජාතික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන බ්‍රිගේඩියර් එම්.ඉසෙඩ්.ආර් සලේ ද වේ.

1980 වසරේ යුද හමුදාවට බැඳුනු මේජර් ජෙනරාල් සලේ ඉන්දියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් මූලික හමුදා පුහුණුව ලැබ ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායට අනුයුක්ත වූවේය. විවිධ තනතුරු රැසක් හෙබ වූ හෙතෙම මින්නේරියේ 3 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකාය පිහිටුවීමට පුරෝගාමී වූවේය.

තවද යුධෝපකරණ සේවා අධ්‍යක්ෂ, ගමන් පාලන අධ්‍යක්ෂ, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී සහ උපකරණ පාලක ජෙනරාල් ලෙස ද කටයුතු කොට ඇත. මේ වන ඔහු යුධෝපකරණ බලකායේ සේනාවිධායක ලෙස ද කටයුතු කරයි.

ත්‍රස්තවාදයට එරෙහි සටනේ යෙදී සිටිය දී මූහමලේ ප්‍රදේශයේ දී දේශය වෙනුවෙන් දිවි පිදූ ගැමුණු හේවා බලකායේ නිලධාරියෙකු වන මේජර් එම්.ඩී.ආර් සලේ ඔහුගේ බාල සොහොයුරා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here