වටලප්පන් හෙවත් සිර්කායා හදන අයුරු - SriLanka Malay- මැලේ හෙවත් ජාවා

Post Top Ad

Responsive Ads Here

වටලප්පන් හෙවත් සිර්කායා හදන අයුරු

Share This


වටලප්පන් ලාංකික මැලේවරු සේම සිංහල ජනතාව ද එහි ගැබ්වී ඇති ප්‍රණීත රසය හේතුවෙන් ඉතා ආශාවෙන් අනුභව කරන ජනප්‍රිය අතුරුපසකි. 

එය මැලේවරුන් විසින් අපට දායද කරන ලද ඔවුනට ආවේණික ප්‍රධාන අතුරුපසකි. 'සිර්කායා' යනුවෙන් මැලේ බසින් හැඳින්වෙන 'වටලප්පන්' යනුවෙන් අප දන්නා මෙම අතුරුපස වර්ගය 4 - 6 අතර පිරිසකට සරිලන සේ සාදාගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පහත සඳහන් වේ.

1. බිත්තර 12 ක්‌.

2. කුඩුකරන ලද පිරිසිදු හකුරු කෝප්ප 02 ක්‌ හෝ පිරිසිදු කිතුල් පැණි බෝතල් 1/2 ක්‌.

3. පොල්කිරි කෝප්ප 01 ක්‌.

4. සාදික්‌කා කුඩු තේ හැඳි 1/4 ක්‌.

5. බැද කුඩුකරන ලද කරදමුංගු, කරාබුනැටි සහ කුරුඳු ස්‌වල්පය බැගින්.

6. වැනිලා තේ හැඳි 1 1/2 ක්‌.

සුදුසු බඳුනකට බිත්තර සුදුමද වෙන්කොට දමා මෘදු ලෙස හොඳින් ගසාගන්න. බිත්තර කහමද, හකුරු, පොල්කිරි එක්‌කොට බ්ලෙන්ඩරයට දමා හොඳින් මිශ්‍රකර ගන්න. එම මිශ්‍රණයට බිත්තර සුදුමද සාරය එක්‌කොට, කුළුබඩු වර්ග ද දමා හොඳින් මිශ්‍රකොට සුළු වේලාවක්‌ තබන්න. අනතුරුව ඊට වැනිලා ප්‍රමාණය ද එක්‌කරන්න. මෙකී මිශ්‍රණයෙන් සුසැදි පුඩිම ළිපේ තබා විනාඩි 45 ක්‌ පමණ තම්බාගන්න. එය නිවෙන්නට තබා පදමට සැකසුනු පුඩිම සුදුසු පිහියකින් තීරුවලට සලකුණු කරගන්න. මෙය විශේෂයෙන්ම ඉස්‌ලාම් භක්‌තිකයන් විසින් ඔවුන්ගේ ආගමික උත්සව අවස්‌ථාවන්හිදී අනිවාර්යයෙන්ම භාවිත කරන ප්‍රණීත ඉතා ජනප්‍රිය අතුරුපස වර්ගයකි. පසුගියදා පැවැත්වුණු වාර්ෂික රාමසාන් උත්සව අවස්‌ථාවේදී ද මැලේවරුන්ගේ ආහාර මේස සැරසූ ප්‍රධාන අතුරුපස වූයේ 'සිර්කායා' හෙවත් වටලප්පන් ය.

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here